Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් බැංකුවකින් ඉවත් කර ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් කර නොමැති බව අල්ලස් කොමිසම අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි හමුවේ කැඳවනු ලැබුණු අතර, එම අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින චාමර සම්පත් දසනායක අධිකරණය හමුවේ පෙනී සිටි බවයි සඳහන් වන්නේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව දැනුම් දුන් අතර, විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළිත් නොවැම්බර් මස 18 වැනිදා කැඳවන ලෙස නියම කරනු ලැබුවා.