ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (17) ආරම්භ වනවා.
ඒ අනුව එහි පළමු තරගය අද පෙරවරු 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.
2025 - 2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ආරම්භය ද මෙම තරගාවලියත් සමග සටහන් වන අතර, ICC ආයතනය විසින් හඳුන්වාදුන් නව නීති කිහිපයක් ද මෙම තරගාවලියේ සිට ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මේ දක්වා ටෙස්ට් තරග 26ක් පවත්වා ඇති අතර, ඉන් තරග 20 ක ජය ශ්‍රී ලංකාවටත්, එක් තරගයක ජය බංග්ලාදේශයටත් හිමිව තිබෙනවා. තරග 05 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.
අද තරගය ප්‍රවීන ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය වීම ද විශේෂත්වයක් වනවා.