Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.8%ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එහිදී 2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ, රුපියල් මිලියන 3,318,769 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,477,088 ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.7% ක පසු බැසීමක් වාර්තා කරන නමුත්, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 9.7% ක් සහ 2.8% ක් වශයෙන් වර්ධනයන් වාර්තා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ වාර්තාව පහතින්.