Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

‘ඩීල් දේශපාලනය’ අවසන් කිරීම සඳහා බලය ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ, දැන් ජාතික ජන බලවේගය නමින් වෙනදාටත් වඩා හොඳින් ‘ඩීල් දමන’ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අද දිනයේ නිලධාරීන්ගේ හැසිරීමේ වෙනස අනුව, එයත් ‘ඩීල් එකේ’ කොටසක්මදැයි ගැටලුවක් මතුවන බවත්, විවෘත ඡන්දයකට යා යුතු බවට 60 දෙනෙක් අත්සන් කර ලේඛනයක් ලබාදී තිබියදීත් රහස් ඡන්දයකට ගිය බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. 

මෙම මැතිවරණ ක්‍රමයේදී ඩීල් දැමීමට අවස්ථාව ලැබී ඇති බවත්, ඒ අනුව ඔවුන් ඩීල් දමා ඇති බවත්, ආණ්ඩුව යම් කාරණාවක නිරත වූ බවත්, එය දේශපාලනය වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විවේචනයක් සිදු නොකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඡන්දය ප්‍රකාශ කිරීමේදී පක්ෂව ලබාදුන්නේ කවුද හා විපක්ෂව ලබාදුන්නේ කවුද යන්න සම්බන්ධයෙන් සමාජයට දැන ගැනීමට හැකිවනු ඇති බවත්, එවිට එක් එක් පක්ෂ හා මන්ත්‍රීවරු විසින් එවැනි තීරණයක් ගැනීමට හේතුව සම්බන්ධයෙන් ද ඔවුන් රට දැනුවත් කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.