Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණු අතර, එහිදී මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී අරවින්ද ගුණරත්නගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුුුණා.

ඉන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව, මෙම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ සාක්ෂිකරුගෙන් ද සාක්ෂි  සටහන් කර ගැනීම සිදුවුුුණා.

ඉන් පසු වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරයට පාදක වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තිබෙන ලිපිගොනු කීපයක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ ලිපිගොනු මුද්‍රා තැබූ කවරයක බහා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියම කළ අතර, ඉන් අනතුරුව  වැඩිදුර නඩු විභාගය ජූලි 01 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කර තිබෙනවා.