00:00 : සිරකරුවන් නිදහස් කිරීමේදී මෙවැනි ආකාරයේ අයථා ක්‍රියා සිදුවන බවට වාර්තා වුණු පළවෙනි අවස්ථාව.
00:06 : ඒ අනුව පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. ඒ පරීක්ෂණවලදී හෙළිදරව් වුණා මේ අතුල තිලකරත්න නමැති රැඳවියා නිදහස් කිරීම සම්බන්ධ ප්‍රශ්නය.
00:14 : ඒ අනුව තමයි, එකක් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා.
00:18 : ඒ වගේම අධිකරණ අමාත්‍යාංශය මගින් විමර්ශනයක් කරනවා.
00:21 : ඒ විමර්ශනයට බාධා නොවන පරිදි තමයි, හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වැඩ තහනමට ලක් කළේ.
00:27 : ඒ අනුව ඒ පරීක්ෂණ සිදු වෙනවා. ඒවාට අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග සිද්ධ වෙනවා.
00:30 : මේ විමර්ශනවල දී දැනට පේන හැටියට, මීට කලිනුත් මෙවැනි සිදුවීම් සිදුවෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් විමර්ශන කටයුතු දියත් වෙමින් පවතිනවා.
00:37 : විශේෂයෙන්ම 2024 නත්තල් දිනයේදී රැඳවියන් 332කට පොදු සමාව ලබාදී තිබුණත් -
00:43 : 389ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් තවත් පරීක්ෂණයක් දියත් වෙමින් පවතිනවා.
00:48 : මේවා දැන් අතීතයට මේ පරීක්ෂණ ගමන් කරමින් තිබෙනවා. ඒවාට අදාළ මේ නිලධාරීන්ට අමතරව තවත් අය ඉන්නවා නම් ඒ අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා.