Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින් විසින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව, ඒ අදාළ පොලිස් ස්ථාන මගින් මේ වනවිට පැය 24 පුරාම ආවරණය වන පරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එසේම දිවයිනේ රැඳී සිටින කවර හෝ විදේශීය ජාතිකයෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම්, ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.