ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් පොලීසිය පැහැදිළි කිරීමක් සිදුකර තිබෙනවා.
පසුගිය වෙසක් පොහොය දිනයේ පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව තවත් සිරකරුවන් කිහිපදෙනෙකු හට බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදී නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06 වැනි දින ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ බවයි එහි සඳහන් වෙන්නේ.
එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
එසේම මේ දක්වා සිදුකළ විමර්ශන අනුව මෙම පොදු සමාව අනීතික ලෙස භාවිත කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතින බවත් එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට පෙරද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් නිදහස් කර ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
