අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි පත්ව තිබෙනවා.
ඒ අනුව කාරක සභාවේ මංගල රැස්වීම අද (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චිගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් විසින් යොජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ විසින් එම යෝජනාව ස්ථිර කර තිබෙනවා.
මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ නිළධාරීන් පිරිසක් සහභාගීවී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.