දෙමටගොඩ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට නතර කර තිබූ ත්‍රීරෝද රථ 06ක් සහ මෝටර් රථයක් අද (06) අලුයම ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.
ගින්නට හේතුව මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ ව පුළුල් විමර්ශන දෙමටගොඩ පොලිසිය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ අතර මෙම සිදුවීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික ඇතුළු ආණ්ඩු පක්ෂයේ පිරිසක් අද දහවල් පැමිණ තිබුණා.