Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම් හතක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, ශ්‍රී ලංකා හරිත සංවිධානය ඇතුළු පාර්ශ​ව හතක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පෙත්සම් අද ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, මෙම පෙත්සම් පිළිබඳ විභාගය ලබන 11 වනදා ආරම්භ කරන බවයි.

යෝජිත පනත් කෙටුම්පත තුළින් ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජනා කර ඇති බවත් සේවකයින්ට වන්දි ගෙවා ඔවුන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන්ද පැහැදිලි විධානයක් මෙම පනත් කෙටුම්පතේ සඳහන් වී නොමැති බවත් අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්  අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි ඔවුන් වැඩිදුරටත් සිය පෙත්සම මඟින් ඉල්ලා තිබෙන්නේ.