Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පාර්ලිමේන්තුව අද (06) දිනයේත් රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර, පෙ.ව. 10.00 - 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පෙ.ව. 11.00 - 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, ඉන්පසු පෙ.ව. 11.30 සිට ‍ප.ව. 5.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස්දෙනෙකු සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි.

අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, කෝසල නුවන් ජයවීර, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, මාවෙයි සේනාධිරාජා සහ ඩොනල්ඩ් දිසානායක වෙනුවෙන් එදින ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.