00:00 : හුඟක් වෙලාවට මේ ප්‍රයිවට් බස් අයිති අය, ඒකෙ වැඩ කරන අය, ඒකෙ රියදුරු මහත්වරු, කොන්දොස්තර මහත්තුරු ඔබතුමාලට ආණ්ඩු හදන්න 70% - 80% ක් ඡන්දෙ දීපු අය.
00:09 : ඒ චන්ද දීපු අය තමයි අද මේ නීතිය ගැන දෙවරක් හිතන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි දෙවරක් හිතන්න!
00:14 : මේවා එකපාරම තහනම් කරන්න යන්න එපා. මේ ගැන හොයලා බලන්න. එකවර තීන්දු ගන්න එපා.
00:19 : මොකද සමහර වෙලාවට සමහර තීන්දු තියෙනවා ආණ්ඩු ගත්තු එක රැයෙන්!
00:23 : අපේ ආණ්ඩුව ඉතිහාසයේ ගත්තා එක රැයින් කාබනික පෝර තීන්දුව. ඊට පස්සේ එක රැයෙන්ම ගෙදර ගියා. එක රැයෙන් ගත්තා - එක රැයෙන් ගෙදර ගියා.
00:30 : ඒ සමහර තීන්දු ගන්න කොට, දේශපාලන නායකත්වය මේ ගැන හොයලා බලලා ගන්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා.



