ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විශාල ණය බරක් සහිත ආයතනයක් බවත්, එම ණය බර තවදුරටත් ජනතාව මත පටවනවාදැයි යන්න රජය ප්‍රකාශ කළ යුතු බවයි අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
අතීතයේදී ගමක ජීවත් වන තරුණයෙක් වාහනයක් ගත් පසුව, එය සැමට පෙන්වීමට ගම වටේම යන බවත්, ඒ ආකාරයෙන්, වසර 14 ක් පමණ පැරණි ගුවන් යානයක් ඊයේ (04) දිනයේ රට වටා පෙන්වමින් ගිය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.