පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින්, ජපන් ආයෝජකයන් පිරිසක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි හමුවී තිබෙනවා.
සූර්ය බලශක්ති ක්ෂේත්‍රයේ නවතම තාක්ෂණය භාවිතා කරමින්, ඕනෑම හදිසි තත්ත්වයකදී වුවත් විදුලිබලය අවශ්‍ය වන ස්ථාන සඳහා අඛණ්ඩව හා ස්ථාවරව විදුලි සැපයුම සහතික කෙරෙන, ජපානයේ දැනට ප්‍රායෝගිකව භාවිතා වන නව තාක්ෂණය කෙරෙහි බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට ලක්ව ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
එවන් විශේෂ ව්‍යාපෘතියකට අදාළ පුරෝගාමී (Pilot Project) ව්‍යාපෘතියක් මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද එහිදී යෝජනා කෙරුණු අතර ඊට අමතරව මෙරට විදුලි පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා භාවිත කළ හැකි නවීන විසඳුම් හා යෝජනා ද සාකච්ඡාවට ලක්වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
