හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබෙනවා.
අදාළ නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් එලෙස අධිචෝදනා ගොනුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහුට අධිචෝදනා ගොනුකර තිබෙනවා.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බවයි සඳහන් වන්නේ.