විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙසට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකාර හිටපු යුධ හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සැකකරු එසේ අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ වින්දිත වෛද්‍යවරියට අපහාස කර, ඇය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්, අධිකරණය යොදාගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බවයි.
සැකකරු විවෘත අධිකරණයේදී මීට පෙර මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවත්, අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු කරමින් සැකකරුගේ මෙවැනි ද්වේශ සහගත අසත්‍ය ප්‍රකාශ සඳහා ඉඩ ලබා නොදෙන ලෙසත් එහිදී උප පොලිස් පරික්ෂකවරයා ඉල්ලීමක් කර තිබෙනවා.
සැකකරු ජුනි 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙන බවයි සඳහන් වන්නේ.