Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අපි ප්‍රතිපත්තියක් වශයෙන් අධික වියදම් යන සුඛෝපබෝගී වාහන තියා ගන්නේ නැතුව ඒවා අලෙවි කරනවා කිව්වම මුලින්ම මොකක්ද කිව්වේ?

00:06 : මේගොල්ලෝ කියන්නේ බොරු! මේගොල්ලෝ කියන්නේ පච! මේගොල්ලෝ මේක සද්ද නැතුව පාවිච්චි කරයි.

00:10 : එහෙම කියපු විපක්ෂයේ උදවිය අපි ඒවා නිසි මිලට, නිසි ක්‍රමවේදයට ලංසු කරලා, හොඳ වටිනාකමට විකුණුවාට පස්සේ -

00:16 : මාධ්‍ය ප්‍රකාශයක් තියලා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා කියනවා මොකක්ද? 'මෙන්න මේවා මේ අඩු ගණන්වලට වික්කේ' කියලා, සම්පූර්ණ බොරුවක් කියලා.

00:22 : නමුත් ඊට පස්සේ ඒ ආණ්ඩුකාරතුමා ප්‍රකාශයක් කරලා සියලුම දත්ත එළියට දෙනවා - දීලා මොකක්ද කියන්නේ?

00:27 : ඔබ මේ කියපු දේ වැරදියි! ඔබ මේ කියපු දේ අසත්‍යයි! නීතිමය පියවර ගන්නවා කියලා කියනවා.

00:32 : ආන් එතකොට දයාසිරි මන්ත්‍රීවරයාට මතක් වෙනවා, 'දැන් නං සමාව ගත්ත නම් හොඳයි වගේ'.

00:36 : ඊට පස්සේ එයාම මාධ්‍ය ප්‍රකාශයක් දීලා කියනවා 'අපිට එහෙන් මෙහෙන් තොරතුරු එනවා. ඒ තොරතුරු අපි වැරදිලා කියලා තියෙන්නේ, ඒවා වැරදියි.'

00:42 : දැන් තව කීප දෙනෙක් කියලා තියෙනවා මොනවද කන්ටේනර් 323ක් ගැන.

00:45 : CID එකෙන් ගම්මන්පිලටත්, දයාසිරිටත් දෙන්නට මේ පරීක්ෂණවලට සහාය වෙන්න කියලා, එන්න කියලා තියෙනවා‍.

00:52 : දැන් ගිහිල්ලා ආයේ press එකක් තියලා 'අපිට වැරදුනා සොරි' කියලා කිව්වට හරියන්නේ නෑ!

00:56 : මොකද, යම් වැරදි තියෙනවා වරද කරලා ඉවර වෙලා සොරි කිව්වට පස්සේ ඒකට සමාව දෙන්න බෑ.

01:00 : කෙහෙල් කැන අරගෙන වැට පැනලා යන්න පුළුවන් - ඊට පස්සේ 'නෑ මං කෙහෙල් කැන ඔයාට ආපහු දෙන්නම්. ඒක නිසා මට නඩු දාන්න එපා' කියලා කියන්න බෑ.