Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (04) ඉදිරිපත් කර තිබෙනවා.

අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අදාළ සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී ඔහුව හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඔවුන් විසින් සැකකරු හඳුනාගෙන නොමැති බවයි සඳහන් වන්නේ.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී සැකකරු මේ මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇති අතර, එදිනට සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.