Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ත්‍රිකුණාමලයේ කුච්චවේලි මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ධීවරයෙකුට නාවික හමුදාව විසින් සිදු කළ බව කියන වෙඩි තැබීමකින් ඔහු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නාවික හමුදාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව එම වාර්තාව මත පදනම්ව නිගමනයකට එළඹිය හැකි බවත්, අනතුරුව ඊට අදාළ පියවර ගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පිරිසක් වැටලීමට ගිය අවස්ථාවකදී සිදුවූ පොර බැදීමකදී මෙම සිද්ධිය සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවත් නාවික හමුදාව ප්‍රකාශ කර සිටියා.