පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය මෙතෙක් තීරණය කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අද (04) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල බලපෑම සමඟ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බවද, එතෙක් ශිෂ්‍යත්ව විභාගයේ ඇති පීඩනය අවම කිරීමට යම් යම් පියවර ගනිමින් ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළා.
2028 හෝ 2029 වන විට එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.