අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිත පරීක්ෂා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය පවසනවා.
එම කාර්යාලයෙහි පසුගියදා සිදුකෙරුණු පරීක්ෂාවකදී එහි තිබී වැදගත් ලිපි ලේඛන තොගයක් සොයා ගෙන ඇති බවද සඳහන්.
එසේම එම කාර්යාලයේ තිබී ජංගම දුරකථන කිහිපයක් සහ සැටලයිට් දුරකථනයක් ද සොයාගත් බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.