Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා සම්බන්ධයෙන් යම් අයෙකුට පරීක්ෂා කර බැලීමට හෝ ඒ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

ඒ සඳහා තරග කරනු ලැබූ සියලුම අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයන් විසින් අදාළ පළාත් පාලන ආයතනවල තේරීම්භාර නිලධාරීන් වෙත භාරදී ඇති එම මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තාවල සහතික කරන ලද පිටපත් ඒ ඒ අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී ලබන 07 වන දින සිට පෙරවරු 9‍.00 සිට පස්වරු 4.00 දක්වා නීරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දෙනු ලබන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.