පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වන කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජුනි 16 පැවැත්වෙන බවට වන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ජුනි 16 වන දින උදෑසන 9.30ට කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වීමට නියමිත බවයි බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර විසින් නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
කොළඹ මහ නගර සභාවේ රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට නියමිත මෙම රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව, තවත් පළාත් පාලන ආයතන 20 ක මංගල රැස්වීම් ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිතයි.
අදාළ ගැසට් නිවේදනය පහතින්.


