Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළ Royal Challengers Bengaluru කණ්ඩායම පළමු වරට ශූරතාව දිනා ගැනීමට අද සමත් වුණා.

Punjab Kings කණ්ඩායමට එරෙහිව පැවති 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලකුණු 06 ක තියුණු ජයක් වාර්තා කරමින් Royal Challengers Bengaluru කණ්ඩායම මෙවර IPL ශූරයන් බවට පත්වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Royal Challengers Bengaluru කණ්ඩායමට ආරධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Royal Challengers Bengaluru කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Punjab Kings කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 184 ක් පමණයි.