Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) දහවල් කාලයේ දී එම සිසුවිය කාර්මික විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන ඇති අතර අසල සිටි පිරිසක් විසින් ඇය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා.

නවකවධය ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් කාර්මික විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට (04) දින‍යේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ඔබ යම් සිත් තැවුලකින් පසුවන්නේ නම් 1926 අමතා ජාතික මානසික සෞඛ්‍ය ආයතනය හරහා පැය විසිහතර පුරා ඔබට සහනයක් ලබාගත හැකියි.