Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : විපක්ෂය කියලා එකකට ජනතාව ඡන්දය දීලා නෑ. ජනතාව ඡන්දය දීලා තියෙන්නේ සමගි ජන බලවේගයට, පොදුජන පෙරමුණට -

00:05 : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, පොදුජන එක්සත් පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට!

00:09 : ඒ පක්ෂ එකිනෙකට පරස්පර වැඩපිළිවෙළවල්, ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් තමයි ඡන්දය ඉල්ලුවේ. ඒගොල්ලො සන්ධානෙකින් ඡන්දය ඉල්ලුවේ නැහැ.

00:16 : ඒ නිසා, වැඩිම ආසන ප්‍රමාණයක් ගත්ත, වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගත්ත පාර්ශ්වයට තමයි පළාත් පාලන ආයතන පිහිටුවීම සඳහා වන දේශපාලන සදාචාර අයිතිය තියෙන්නේ.

00:26 : ඒ නිසා ඊට පටහැනිව අනිත් අය එකතු වෙලා මොනවා හරි දෙයක් කරන්න යනවා නම්, ඒක අපි දකින්නේ කුමන්ත්‍රණයක් විදියට.

00:32 : අපේ පක්ෂය මොන විදියටවත් කුමන්ත්‍රණවලට දායක වෙන්නෙත් නෑ - කුමන්ත්‍රණ අපි අනුමත කරන්නෙත් නෑ‍.

00:37 : අරගලය කාලයේදී ජනතාවගේ මතයක් ආවා මෙතෙක් කල් රට පාලනය කරපු කණ්ඩායම් දෙකම පළවා හරින්න ඕනේ කියලා.

00:43 : ඒ ජනතාවගේ අභිලාෂය පසුගිය මහ මැතිවරණයේදී, ජනාධිපතිවරණයේදී, පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකාශයට පත්වුණා.

00:52 : ඒ ජනතාවගේ අභිලාෂයට පටහැනිව, කුමන්ත්‍රණකාරයන්ට ඒක ආපස්සට හරවන්න ඉඩ දෙන්න බෑ කියන අදහසේ අපි ඉන්නේ.

00:58 : ඒ නිසා අපි මොන විදියටවත් ඔය කියන කුමන්ත්‍රණවල කොටස්කරුවෝ බවට පත්වෙන්නේ නැහැ.