මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.
ඒ අනුව දකුණු පළාතේ සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය එම අපරාධයට සම්බන්ධ වූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි සඳහන් වෙන්නේ.
එම පුද්ගලයින් දෙදෙනාගේ මුහුණු ස්වරූප ඇසුරෙන් සකස්කළ ඡායාරූප පහත දක්වා ඇති අතර මොවුන් වාසය කරන ස්ථානයක් පිළිබඳව හෝ මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සහයවන යම් තොරතුරක් ඔබ දන්නේනම් පහත දුරකථන අංක අමතා නොපමාව දැනුම් දෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අදාළ නිවේදනය පහතින්.
