මදුරන්කුලිය පොලිස් වසමේ, සීමරගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක් විදුලිසැර වැදීමෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.
සිදුකළ විමර්ශනවලදී, මිය ගිය දරුවා නිවසේ ඇති විදුලි පේනුවකට විදුලි උපකරණයක් සවි කිරීමට යාමේදි විදුලිසැර වැදී ඇති බව අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෘත ශරීරය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.