Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින 'බන්දුල පෙතියා' මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අදට යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙරටට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන ‘බන්දුල පෙතියා’ හමුවන්නේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ප්‍රදේශයේ පමණක් බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අද (02) දහවල් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ගලපිටමඩ ප්‍රදේශයේදී ඊට අදාළ වැඩසටහන පැවැත්වීමට නියමිතයි.