Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට Punjab Kings කණ්ඩායම ඊයේ (01) සමත් වුණා.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Playoff වටයේ තෙවන තරගය වූ Qualifier 02 තරගයෙන් Punjab Kings කණ්ඩායම, Mumbai Indians කණ්ඩායම පරදවා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Punjab Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Mumbai Indians කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 203 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Punjab Kings කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.