කිසියම් පක්ෂයකට බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් පත්කිරීමේ බලය පළාත් කොමසාරිස්වරයා වෙත පැවරෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයෙන් බහුතර බලය හිමිකරගත් ආයතන 161ක් සඳහා ප්‍රධානීන් පත් කිරීම මේ වන විට සිදුකර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 31 වනදා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබුණා.
එම පළාත් පාලන ආයතන 161 අද (02) සිට ඉදිරි දින කිහිපය තුළ රැස්වීමට නියමිත අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී 178ක බහුතර බලය කිසිදු පක්ෂයකට හිමි නොවීම හේතුවෙන් එම ආයතනවල ප්‍රධානීන් පත් කිරීමේ බලය පළාත් කොමසාරිස්වරුන් වෙත පැවරෙනවා.
පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, සභාපතිවරුන් හා උප සභාපතිවරුන් පත් කරන ආකාරය පිළිබඳව පුවත්පත් දැන්වීම් පළකර දැනුම් දීම පළමුව සිදුකළ යුතු අතර එම දැනුම් දීමෙන් දින 14කට පසුව අදාළ ආයතනවල සභිකයින් රැස්වී ඒවායේ ප්‍රධානීන් පත් කරගැනීම සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළා.