Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2025 Miss World තරගාවලියේ අවසන් මහා තරඟය අද (31) සවස ප.ව. 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

රටවල් 100කට අධික සංඛ්‍යාවකින් රූප රාජිනියන් 100කට අධික දෙනෙකු මෙම තරගය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ අනුදි ගුණසේකර මෙම තරගාවලිය තුල කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

Miss World තරගාවලියේදී පසුගිය මාසය පුරාවට, රූ රැජිණියන් විසින් ක්‍රීඩා අභියෝගතා, දක්ෂතා ප්‍රදර්ශනය කිරීම්, Head-to-Head Challenge, Top Model Competition, සහ Multimedia Challenge ඇතුළු තරග මාලාවකට සහභාගී වුණා.

මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබන අතර, පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත ඉන් 18 දෙනෙකු දැනටමත් ඒ සඳහා තෝරාගෙන තිබෙනවා.

එම ‍තෝරාගත් 18 දෙනා අතර ශ්‍රී ලංකා රූ රැජින වන අනුදි ගුණසේකර තේරී නොමැති නමුත්, අද පැවැත්වෙන අදියරේදී දක්වන දක්ෂතා අනුව ඇයට අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම 40 දෙනාගෙන් ඇරඹී, එක් එක් මහාද්වීප කළාපයෙන් පස් දෙනෙකු ‍ලෙස 20 දෙනෙකු දක්වා අඩුවන අතර, පසුව එක් එක් මහාද්වීප කළාපයෙන් අවසන් තරගකරුවන් දෙදෙනෙකු බැගින් තෝරා ඉහළම 08 දෙනා තෝරා ගනු ලබනවා. 

අවසාන වටයේදී, සෑම මහාද්වීපයකින්ම එක් නියෝජිතයෙකු බැගින් කිරුළ සඳහා තරඟ කිරීමට නියමිතයි.

ඔවුන් අතරින් ජයග්‍රාහකයා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලබන අතර, අනෙක් අය පළමු, දෙවන සහ තෙවන අනුශූරයන් ලෙස නම් කරනු ලබනවා.