Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

තැපැල් වැඩ වර්ජනය ඊයේ (30) පස්වරුවේ අවසන් කළ බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා.

එම වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසී තිබුණු තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් අද සිට බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ප්‍රකාශ කළා.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් තමන් වැඩ වර්ජනයේ නිරත වූ බවයි ලේකම්වරයා සඳහන් කර සිටියේ.