Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඉදිරි පැය 24 තුළදී ඇතිවිය හැකි තද සුළං සම්බන්ධයෙන් කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

මේ වන විට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය
දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝමීටර 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.