පවතින අයහපත් කාලගුණයත් සමඟ තද සුළං සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළිත් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවට දැනුම්දෙන බවත්, ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අදාළ නිවේදනය පහතින්.

