Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේ ආසියානු කලාපයේ අනුශූරිය බවට පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.
ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වශයෙන්ද ඇය වාර්තා අතරට එක්වනවා.
මෙම ජයග්‍රහණයත් සමඟ, තරගාවලියට ඉදිරිපත් වූ 108 දෙනෙක් අතුරින් Multimedia Challenge තරගයේ ගෝලීය ජයග්‍රාහකයින් 8 දෙනා අතරට පැමිණීමට ඇය සමත්ව තිබීම ද විශේෂත්වයක්.
Multimedia Challenge තරග අංශයේ ආසියානු කලාපයේ පළමු ස්ථානය තායිලන්තයට හිමි වුණා.