තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හලාවත සිට පුත්තලම මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට මෙම රතු නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාවට වඩාත් සැලකිලිමත් වෙන ලෙස දැනුම් දෙන අතර, අදාළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

