Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : දැන් ඇත්තටම හොර ගුහාව දේශපාලන ක්ෂේත්‍රය නෙවෙයි, රාජ්‍ය සේවය

00:04 : ඉතින් අපි බලන්නේ, ආ… මං ඇමති - මං හරියට හිටියොත් මගේ ලේකම්තුමත් හරියට ඉඳියි -

00:09 : අතිරේක ලේකම්වරු හොඳට ඉඳියි. ආයතන ප්‍රධානීන් - DG ලා - හොඳට ඉඳියි.

00:14 : මේ ආයතන ගොඩ දානවා. හොරකම්, වංචා දූෂණ කරන්න නෙමෙයි, තමන්ගේ පඩියත් නොගෙන වැඩ කරන්න ඇවිල්ල ඉන්න මිනිස්සු ඉන්නේ.

00:21 : අපිට මේක හදාගන්න ඕන. අපි මේ කරන්නේ වෙන මොකටවත් නෙමෙයි රට හදා ගන්න,

00:26 : 'නායකයෝ, වගකිව යුත්තෝ ආදර්ශමත්ව කටයුතු කළ යුතුයි' කියන පණිවිඩය මිසක් ගොන් පාට් එකක් නෙමෙයි.

00:34 : ඉතින් ඒ නිසා, රාජ්‍ය සේවයේ කොතැන හරි, ඔය ගොල්ලන්ගෙන් වැඩක් කර ගැනීම සඳහා කීයක් හරි ගන්න හැදුවොත්,

00:40 : ඔබට වගකීමක් තියෙනවා නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න. නැත්නම් මේක වෙනස් කරන්න අපිට විතරක් උවමනාව තිබ්බට බෑ.

00:46 : පඩි මදි නම්, පඩි වැඩි කරගන්න සටන් කරන්න, ඒක හොඳයි. අපිත් දෙන්නම් සපෝර්ට් එකක් වෘත්තීය සමිති පැත්තෙන්.