Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක පත්කර තිබෙනවා.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක වෙත භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

මහාචාර්ය අයි.එම් කරුණාතිලක වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය හිමි කරගත්තා.

ඔහු 2000 වසරේ ජුනි මාසයේ සිට කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර තිබෙනවා.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ පිහිටි ස්කොට්ලන්තයේ ඩන්ඩි විශ්ව විද්‍යාලයේ (University of Dundee) උපාධිධාරියෙක් වන අතර, එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ඇකඩමියේ සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍ය විද්‍යායතනයේ අධි සාමාජිකත්වය ද දරනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ ‍නිවේදනය පහතින්.