Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාවලට වරදකරුවන් කෙරුණු සුරාබදු නියාමකවරු දෙදෙනකුට බරපතළ වැඩ සහිත වසර 28ක සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිර දඬුවම් වසර හතකින් ගෙවී යා යුතු බවට නියෝග කර තිබෙනවා.

2013 වසරේ නොවැම්බර් මස 13 වනදා හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට මහාධිකරණයේ නඩු නොපවරා මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඔවුන්ට ගැලවී යාමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් රුපියල් 150,000ක අල්ලසක් ඉල්ලීම සම්බන්ධයෙන් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුරාබදු නියාමකවරු දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම විත්තිකරුවන් දෙදෙනා අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා හතරකට වරදකරුවන් කරන බව සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව එක් එක් විත්තිකරුට රුපියල් 20,000ක දඩයක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවයි වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.