Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඇපල් ජංගම දුරකථන අමෙරිකාව තුළ නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සමාගමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඇපල් සමාගම සිය ජංගම දුරකථන ඉන්දියාවේ හෝ වෙනත් රටක නොව සිය රට තුළම නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේ නොවන්නේ නම් 25% ක තීරු බද්දක් ගෙවීමට කටයුතු කළ යුතු බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.