හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (24) දිනයේ පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙරට හෙද සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රමාණයකට එකවර පත්වීමේ ලිපි ප්‍රදානය කරනු ලබන පළමු අවස්ථාව මෙය වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
මෙම උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කිරීමට නියමිතයි.
හෙට පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේදී අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.