පළාත් පාලන ආයතන 161 ක සභිකයන් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය හෙට (23) දිනයේදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ගැටලු පවතින සෙසු පළාත් පාලන ආයතන 178 සඳහා සභිකයන් නම් කර එවන ලෙස අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.
ලබන ජුනි 02 වැනිදා වන විට පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ.