Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන හෙට (23) දින ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා.

ඒ අනුව හෙට සිට මැයි 30 දක්වා දිවයින පුරා යෞවන සමාජ 14,033 ක් පිහිටුවීමටත්, අනතුරුව මැයි 30 සිට ජුනි 15 දක්වා යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල 337 ක් හා ජුනි 01 සිට ජූලි 31 දක්වා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක් පිහිටුවීමටත් නියමිතව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙරට තරුණ තරුණියන්ට රජය සමඟ ගනුදෙනු කළ හැකි ප්‍රධාන ස්ථානය බවට මෙම යෞවන සමාජ පත් කරන බවත්, ඒ හරහා තෘප්තිමත් තාරුණ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ පදනම සකස් කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසා සිටියා.

දිවයින පුරා සිටින විවිධ දේශපාලන මත දරන, නායකත්වය පිළිබඳ අනාගත අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට මෙම වැඩසටහන සමඟ සම්බන්ධ විය හැකි බවත්, ඒ තුළින් කලාව, සාහිත්‍යය, තාක්ෂණය, වෘත්තීය අධ්‍යාපනය, ක්‍රීඩාව ආදී වූ විවිධ ක්ෂේත්‍ර තුළ තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කර ගැනීමේ අවකාශය පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.