අද (21) පැවති Miss World තරගාවලියේ Head 2 Head Presentations තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර සහභාගී වුනා.
තමන්ගේ ජීවන අරමුණ වන්නේ ධම්ම පදයෙහි ඇති “සබ්බ පාපස්‌ස අකරණං - කුසලස්‌ස උපසම්පදා - සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධාන ශාසනං” ලෙස දක්වා ඇති පරිදි යහපත් ලෙස ජීවත්වීම බවයි ඊට තරග වදිමින් සිදුකළ කතාවේදී ඇය සඳහන් කළේ.
භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙහි පහසුවෙන් සොයා ගැනීමට නොහැකි කුඩා රටක් වුවද, තමන්ගේ රටේ ජනතාවගේ හදවත්, ආත්මයන් සහ බලාපොරොත්තු ඉතා විශාල බවත්, රටක් ලෙස අපගේ රට, ස්වභාවික විපත්, වසංගත සහ ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන්න ද, තම රටේ ජනතාව ඉතා ශක්තිමත් බවද ඇය එම කතාවේදී සඳහන් කළා.
එසේම තමන් ප්‍රජා සේවය අරමුණු කර ගනිමින් "සහේලි" නමින් පදනමක් ආරම්භ කර ඇති බවත්, එම පදනම හරහා ශ්‍රී ලංකාවේ ඔසප් අධ්‍යාපනය, ඔසප් සෞඛ්‍යය සඳහා ප්‍රතිපත්තිමය උපදේශනය සැපයීම සහ පරිත්‍යාග සිදු කිරීම අරමුණු කර ගෙන ඇති බවද ඇය එහිදී සඳහන් කළා.
ලෝක රූ රැජින තරඟයට සහභාගී වීම යනු ඊට තරගවදින සියල්ලන් දැනටමත් ලබා ඇති ජයග්‍රහණයක් බව ඇය විශ්වාස කරන බවත්, ඒ හරහා තමන්ට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකිවූ බවත් ඇයගේ කතාවේදී වැඩිදුරටත් සඳහන් කළා.
ඇය සිදුකළ සම්පූර්ණ කතාව පහතින්.