Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ආණ්ඩුවට රතු එළියක් ලබාදී ඇති බව සමගි ජන බලවේග‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

මේ හේතුවෙන් ආණ්ඩුවට ස්වාධීන කණ්ඩායම්වලට කතා කරමින් මන්ත්‍රීකම් අහුලා ගැනීමට සිදුව ඇති බවයි අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එම ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති පිරිස් මීට පෙර යම් ප්‍රධාන පක්ෂයක මන්ත්‍රීවරුන් බවට පත්ව සිටි පිරිසක් බවට ආණ්ඩුවට අමතක වී ඇති බවද, ආණ්ඩුව දැන් උත්සාහ ගන්නේ ඔවුන් එකතු කර ගැනීමට බවද ඔහු ප්‍රකාශ කළා.

‘උනුත් එකයි, මුනුත් එකයි’ බවට පැවසූ ආණ්ඩුව ද එම තත්ත්වයට ඇදවැටී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.