අද දින තාවකාලිකව අත්හිටුවන ලැබූ සේවක අර්ථසාධක අරමුදලට (EPF) අදාළ සේවාවන් නැවත ආරම්භ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද දහවල් 12.00 සිට එම සේවාවන් නැවත ආරම්භ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව පැවසුවේ.
EPF සේවා සඳහා භාවිතා කරන පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින සිට මැයි 23 වන දින දක්වා EPF සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණා.