Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා ඇති අතර, එම අවස්ථාවේදී වාහන දෙකක් නවතා තිබියදී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටී ඇති බවයි සඳහන් වෙන්නේ.