Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2009 වසරේ වව්නියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි සැකකරුවකු නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කර තිබෙනවා.

එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි සඳහන් වන්නේ.

2009 වසරේ අප්‍රේල් මස 20 වැනිදා වවුනියාවේදී සුල්තාන් මොහිදින් බාවා නමැති වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව වව්නියාව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණු අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම විත්තිකරු අදාළ චෝදනාවලට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

එම මරණීය දණ්ඩනයට එරෙහිව විත්තිකරු අභියාචනාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණු අතර, එම අභියාචනය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත්තේ, විත්තිකරුට එරෙහිව මහාධිකරණයේදී පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.